Posted by Pradeep Gunarathna at 12:07 AM
Read our previous post
සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් අරන් එහෙම
බ්ලොග් ලියන කට්ටිය එකතු වෙලා ටිකෙන් ටික දියුණු වෙලා පටන්ගත්ත බස් රේඩියෝ එක
තමන්ගෙ පළවෙනි උපන්දිනේ සමරන වෙලාවේ පටන්ගත්ත බ්ලොග් සතිය වෙනුවෙන් බොහොමයක්
බ්ලොග් වල අළුත් පෝස්ට් පළ වෙනවා. සමහරක් පෝස්ට් හදිසියේ ලියන නිසාද මන්දා පරණ ඒවට
වඩා කොලිටි එකේ පොඩි අඩුවක් තියෙනවා වගේ පේනවා. නමුත් 14 වෙනිදයින් පස්සේ තරඟාවලියට ඉදිරිපත් වෙන
බ්ලොග් වල නම් කොලිටි එක වැඩි කරන්න වෙයි.
කොහොම වුනත් හත් වෙනිදා ඉඳලම පෝස්ට් එකක් දාන්න
හිතාගෙන හිටියට මොකද වෙලාවක් ලැබුනේ දැන් තමයි. උපන්දිනේ සමරන බස් රේඩියෝවට සුබ
උපන්දිනයක් පතන ගමන්ම බ්ලොග් සතිය වෙනුවෙන් පළ කරන පළවෙනි ලිපිය (අන්තිම එක
වෙන්නත් බැරිකමක් නෑ) ලියන්නයි සූදානම් වෙන්නේ. අභිත අයියා කිව්වා වගේ තැටිය
රත්වුන වෙලාවේ රොටිය පුච්චගන්න කියලා පොරටෝක් එකක්, එහෙම නැත්තං නයෙක් (ඉගිල්ලෙන
එකෙක් නෙමෙයි ගෙට රිංගපු ජාතියෙ එකෙක් හොදේ) දෙන්නයි හදන්නේ. දැන් ඉතිං "මුගෙ බ්ලොග් එකත්
ඉවරයි." කියලා බනින්න
නම් තියාගන්න එපා.
මේ ටික ලියන්න හිතුවෙ පහුගිය දවසක පෝස්ට්
එකක් දාන්න හිතාගෙන පහුගිය පෝස්ට් වල කමෙන්ට් කියවද්දි දැකපු දේවල් නිසා. සමහරු
අහලා තිබුනා ඔයා මොනවා කරන කෙනෙක්ද? ඔයා මේ ලියන දේවල් ගැන හරියටම දන්නවද? වගේ
දේවල්. ඉතිං මේ කියන්න යන්නෙ මං ගැන. මගේ පාසල් ගැන සහ මං වැඩකරන ආයතනය ගැන
ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්නවා.
මං කොළඹ කාක්කා වගේ හිටියට උපන් ගම
කුරුණෑගල. ( ඒ වුනාට ඉපදුනේ ද සොයිසා කාන්තා රෝහලේදි හරිය). ඉස්සර විදියට හරියටම
කිව්වොත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල හත්පත්තුවේ පිටිගල් කෝරළයේ මාකඳුර ඉහලගම කියන ප්‍රදේශය
තමයි මගේ ගම. වන්නි හත්පත්තුව වගේම කටුගම්පලත් හත්පත්තුවක් තිබුනා. එයින් එකක්
තමයි පිටිගල් කෝරළය. ඉතිං ඊට පස්සේ මං ගමේ ගොඩේ හැදිලා වැඩුනා. අපේ අම්මගෙ තාත්තා
(මං කිව්වෙ ලොකුතාත්තා කියලා) තමයි මට කතන්දර එහෙම කියලා දුන්නේ. එයාගෙ ඇස් පෙනීම
දුර්වලයි. ඉතිං රෑ වුනාම මාවයි මල්ලිවයි ළං කරගෙන කතන්දර කියනවා. එයින් එකක් තමයි
මුවන්තිස්ස කුමාරයගෙ කතාව. අපේ අම්මගෙ අයියා (මගේ මාමා) තමයි සරුංගල් හදන්න, වෙසක්
කූඩු හදන්න කියලා දුන්නේ. මේ වෙනකොට දෙන්නම ජීවතුන් අතර නෑ.
ඔහොම ඉඳලා මං මුලින්ම ඉස්කෝලෙ
ගියෙ මාකඳුර විද්‍යානන්ද
කණිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ 4 වසරේ ඉඳලා පන්නල මහා විද්‍යාලයට. ඔන්න අපේ නාඩියාකොළුවා ගියෙත් ඒ ඉස්කෝලෙට නොවැ. ඔහොම ඉද්දි මං ශිෂ්‍යත්වෙ පාස් වුනා රාජකීය විද්‍යාලය
හැර වෙන ඕනෑම පාසලකට යන්න ලකුණුත් එක්ක. නමුත් මං පාසලෙන් අස්වුනේ නෑ. ඒ ඇයි
කියන්න මං අදටත් දන්නෙ නෑ. හැබැයි තාත්තා අහපුවාම මං ඉස්කෝලෙ දාලා යන්න බෑ කිව්වා
කියලනම් මතකයි.
ඊට පස්සේ ඉහල පන්ති වලට එද්දි ඉස්කෝලෙ
සාහිත්‍ය සමිති, ඉංග්‍රීසි පුවත්, ළමා වෙදැදුරු, අපේ ලංකා, රතුකුරුස මෙකී නොකී
සමිති සංවිධාන වලට බැඳිලා ඉන්න ගමන්
ඉතුරු වෙලාවල් වල තමයි ඉගෙනගත්තේ. ඒ කාලෙ මට හම්බවුන ගුරුවරු අතරින් කුමුදු
සේනාරත්න ගුරුතුමිය, යසා මිස්, පාරිස් සර් වගේ අය මට කවදාවත් අමතක වෙන එකක් නෑ.
ඔය ඉන්න අතරෙදි තමයි තාරකා විද්‍යා උණ
ගැණුනේ. එදා ඉදලා අද වෙනකම් ඒ උණ නම් අඩුවෙලා නෑ. විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා
එම්. සීලවතී ගුරුතුමිය සහ පාරිස් සර් (ඊලඟ පෝස්ට් එකෙන් හමුවෙන
එක්කෙනෙක්) එක්ක මං රට පුරාම ඉස්කෝල ගණනාවක අහස නිරීක්ෂණ කඳවුරු පවත්වලා තියෙනවා.
ඒක පටන්ගත්තේ 9 වසරේ ශීෂ්‍යයෙක් විදියට ඉන්න අතරෙදි. මං ගිය පාසල් අතර ගල්ගමුව, මලියදේව
විද්‍යාලය, ජෝසප් වාස් විද්‍යාලය, ධම්මිස්සර විද්‍යාලය වගේම වස්ගමුව, මැදිරිගිරිය
ජාතික පාසල,තංගල්ල බාලිකාව, රුහුණු විජයබා ජාතික පාසල වගේ ඉතාම දුර බැහැර පාසලුත්
තියෙනවා. මේ පාසල් හැම එකකටම ගියේ කිසිම මුදලක් අයකරන්නෙ නැතුව. කාර්යබහුල කමත්
එක්ක මේ අවුරුද්දෙනම් යන්න වුනේ දඹදෙණිය ජාතික පාසලට විතරයි.
ඊට පස්සෙ උසස්පෙළ කරන කාලේ තමයි කොම්පියුටර්
උණ ගැනුනේ. උසස්පෙළ විභාගෙ ඉවරවුන දාට පහුවදා මං කොළඹ ආවා පරිගණක ඉගෙනගන්න. හැබැයි
ඒ කාලෙ ඉගෙනගත්ත දේවල් දැන්නම් ඒ තරම් වැදගත් නෑ කියලයි හිතෙන්නේ.
එහෙම ඉන්න අතරෙදි මගේ යාළුවෙක් හිටියා ටෝනි
කියලා. (දැන් සරත්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක්) එයාට තරුණසේවා සභාවේ නාට්‍ය
හා රංගකලාව ඉගෙනගන්න යන්න කෙනෙක් නැතුව මට කතා කලා යන්න එන්න කියලා. මමත් එයාගෙ
තනියට ඇතුගල්පුර රංග ශිල්ප ශාලිකාවේ ශිෂ්‍යයෙක් වුනා. එදා ඉඳලා ඒ උණත් ගැණුනා.
සමන් ගාමිණී, ගාමිණී හත්තොටුවේගම, ඉන්දික ෆර්ඩිනැන්ඩු, අජිත් ක්‍රිෂාන්ත ද සේරම්
වගේ ගුරුවරුන්ගෙන් අපි ඉගෙනගත්තා. නමුත් පූර්ණ කාලීනව කොළඹ පදිංචි වෙන්න වුනාට
පස්සෙ ඒක මගඇරිලා ගියා.
කොළඹ පදිංචි වෙන්න වුනේ සෞඛ්‍ය
දෙපාර්තමේන්තුවේ අභ්‍යාසලාභී වෘත්තීය චිකිත්සක වරයෙක් විදියට ආයෙත් වතාවක් ශිෂ්‍ය
ජීවිතය පටන්ගත්ත නිසා. එදා ඉඳලා අවුරුදු තුනක් මිනිස් සිරුර සහ මනස ගැන
ඉගෙනගෙන ඉවරවුනාට පස්සෙ තිබුන විභාගයෙන් පළවෙනියා, සිංහලෙන් කිව්වොත් බැජ්ටොප්
වෙන්න පුළුවන් වුනා. බැජ්ටොප් ට තියෙන විශේෂ වරප්‍රසාදයක් තමයි තියෙන වේකන්සි
වලින් තමන් කැමති තැනක් ඉල්ලන්න පුළුවන් වීම. මංතුමා කොහොමහරි අංගොඩ ජාතික මානසික
සෞඛ්‍ය විද්‍යායතනයට පත්වීමත් අරන් ආවා. ඒක දිග කතාවක්. වෙන වෙලාවක ලියන්නම්කෝ.
ආවට පස්සෙ මට ලැබුනේ මේ වෙනකම් මගේ තනතුරේ
කිසිම කෙනෙක් පත්වෙලා නොතිබුනු තැනක්. ඒ තමයි අධිකරණ මනෝවෛද්‍ය ඒකකය. ඒ කියන්නේ මං
තමයි අධිකරණ ඒකකයක වැඩකරන ලංකාවේ පළවෙනි වෘත්තීය චිකිත්සක වරයා. ඉතින් මට සිද්ධ
වුනා ගොඩක් දේවල් අළුතින් ඉගෙනගන්න. ඒකට මට උදව් වුන කෙනෙක් තමයි බ්‍රිතාන්‍ය
ජාතික ඈන් මාටින් මහත්මිය. එයා ගොඩක් පළපුරුදු වෘත්තීය චිකිත්සක වරියක්. එයාගෙන්
තමයි මං බ්ලොග් කියන්නෙ මොනවද කියලා දැනගත්තේ. එයාට තිබුනා ඈන්ස් ඩයරීස් කියලා
බ්ලොග් එකක්.
එදා ඉඳලා අද දක්වා මං ඒ
ආයතනයේ සේවය කරනවා. මගේ මූලික රාජකාරිය තමයි අධිකරණ මනෝවෛද්‍ය ඒකකයට එන රිමාන්ඩ්
සිරකරුවන්ගේ මානසික වෛද්‍ය වාර්තාවට අවශ්‍ය Functional Assessment එහෙමත්
නැත්නම් ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පරික්ෂා කරලා වාර්තා
කිරීම. ඊට අමතරව අධිකරණ මනෝවෛද්‍ය පුනරුත්ථාපන ඒකකය භාර නිළධාරියා විදියටත් කටයුතු
කරනවා.
ඔය
අතරෙදි තමයි මානසිකව අපි මුහුණදෙන ගැටළු ගැන සිංහලෙන් ලියන්න පටන්ගත්තේ. ප්‍රදීප්ගේ
පිටුවේ වැඩි කොටසක් වෙන්වෙන්නේ ඒ දැනුම වෙනුවෙන්. ඒ වගේම මේ සතියෙ ඉඳලා සතියකට වතාවක්
සීගිරි රේඩියෝ එකත් එක්ක මානසික ගැටළු ගැන දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ
බ්ලොග් අඩවිය ඉදිරියේදී රෝග වලින් එහාට ගිහිල්ලා අපේ ප්‍රායෝගික ජීවිතේදි මානසික
සෞඛ්‍ය යහපැවැත්ම වැදගත් වෙන හැටි කතා කරාවි. තවදුරටත් ජීවන කුසලතා සංවර්ධනය
කිරීම, නායකත්වය, මත්ද්‍රව්‍ය සහ වෙනත් මාතෘකා ගැන වැඩසටහන් දිගටම පවත්වන්නත්
බලාපොරොත්තු වෙනවා.
ඔන්න ඔහොමයි වුනා කියන්නේ. නයා ඉවරයි. මං හිතන්නේ මං ගැන සහ මං ලියන පෝස්ට් වල නිරවද්‍යතාවය දැනගන්නඅවශ්ය වුන හැමෝටම ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්න ඇති.
හැමෝටම ආරාධනා කරනවා සයිබර් සිහින උළෙලට
පස්සේ පවත්වන සමාජ සත්කාර වැඩසටහන ගැන අවධානයෙන් ඉන්න කියලා. විස්තර ළඟදිම කියන්නම්. සතුටින්
දැනුම්දෙන්න තියෙන්නේ අභීත, රාජ් ඇතුළු කණ්ඩායමේ උනන්දුව නිසා දැනට අපි ගාව යම්
මුදලක් තියෙනවා කියන එකයි.
එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.
බස් රේඩියෝ සම්මාන උළෙල සහ බස් රේඩියෝ බ්ලොග් සතිය
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk
බස් රේඩියෝ සම්මාන උළෙල සහ බස් රේඩියෝ බ්ලොග් සතිය
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk





ඔව් මේ නයා වටිනවා , මොකද අපි ලියන දේ තියෙන සත්‍ය අසත්‍යතාවය , ගැන තහවුරු කරගන්නට මේ කරුණූ වල වැදගත් කමක් තියෙනවා , ඒක නිසා තමයි මම නම් මගේ කයිවාරුව මගේ අරමුණ නමින් වෙනම පිටුවක දාලම තියෙන්නේ ,
ReplyDeleteස්තුතියි දැනුවත් කළාට
ඔබ පොරක්....
ReplyDeleteකට ඇරලා "පොරක්" කියලා කියන්න පුළුවං පොරක්...
ජය වේවා!!!
මුලින්ම මේක නයෙක් වත් පොර ටොක් එකක් වත් නම් නෙමේ කියලා කියන්න වෙනවනේ. සමහර දේවල් ගෑන ගොඩාක් නොදන්නවා උනත් ටිකක් දන්නවානේ..
ReplyDeleteහෑබෑයි පොඩියට ඉන්න මේ කොල්ල මෙච්චර බ්‍රයිටෙක් කියලා නම් දෑනගෙන උන්නේ නෑහෑනේ..
ඒවා ගෑන කියපු එක හොදයි මම හිතන විදිහට තවම ඒ තරම් වයසක් නෑති නිසා ඉස්සරහට යන්න ලොකු හෑකියාවක් තියන නිසා හදවතිනම් සුභ පතනවා
ජිවත් වන පලාතේ මෙහෙම කොල්ලෙක් ඉන්න එක අපිටත් ආඩම්බරයක්නේ
ජය වේවා
පොර ටෝකක් කිවුවට එහෙමම නෑ...
ReplyDeleteඑල...
ජයෙන් ජයම වෙවා!!!!!!!!!!!!
ReplyDeleteපිස්සු හැදෙයි... අයියත් කලාකාමී ඩොක්ටර් කෙනෙක්නෙ!
ReplyDeleteජයවේවා!
හික්ස් නයෙක් උනාට මොකෝ බන්... අද තමා පලවෙනි වතාවට කමෙන්ට් කරන්නේ,රේඩියෝ චැට් බොක්ස් එකේ චැට් කලාට
ReplyDeleteඋබත් එක්ක සමාජ කටයුත්තක යෙදිලා උන්නු කාලේදිම" තාමත් ඉතින් එහේමනේ" මම දැනගත්තා උඹට සමාජෙත් එක්ක ගැටෙන්ඩ ලැබිලා තියෙන ජීවගුනේ හොඳ ඉතිහාසයකින් එන එකක් කියලා ඉතින් අපේ පොඩි පොරට නුදුරු අනාගතේ මීට වඩා වගකීම් කරට අරගෙන සමාජයේ සුබ සිද්දියට වැඩ කටයුතු කරන්ට ශක්තිය ලැබෙන්ට කියල පතනව
ReplyDelete" මෙන්න වැඩක් මගේත් පිට කසලානේව ස්තුතී "
පොරක් උනාම පොර ටෝක් දෙන්නේ නැතුව වෙන මොනව දෙන්නද ... :P ජය වේවා ........... :D
ReplyDeleteපැහැදිලිවම සහෝදරයට ආඩම්බර වෙන්න පුළුවන් ස්වචරිතාපදානයක් කිරීමට හැකියාව තියනවා. මොකද ජීවිතේ පියවරෙන් පියවර ඉහලට ගියපු හැටි ලෝකෙ හැමෝටම වටින ආදර්ශයක් දෙන්න පුළුවන් නිසාවෙන්. ලෝක ව්‍යාප්ත “Hilton Hotel" ජාලයේ මහා හිමිකරු මෑතකදී ලියූ ඔහුගේ ස්වයංලිඛිත චරිතාපදානය වන "Be my guest" කෘතිය මතක් වුනා ටම
ReplyDeleteපොරත්වය ප්‍රකාශ කිරිම වැදගත්.ඇයි කියන්න නම් තේරෙන්නෙ නෑ.එල ඈ.ෂුවර් එකටම පිටිගල් කෝරලේද??? පිටිගල තියෙන්නේ මෙහේනේ
ReplyDeleteමමත් උඹ ගැන දැන ගත්තේ අද නොවැ.... ගෑණු ළමයි වට කරගෙන හිටියට.... අද තමයි සීන් එක පැහැදිලිව දැනගත්තේ...
ReplyDelete"සමහරක් පෝස්ට් හදිසියේ ලියන නිසාද මන්දා පරණ ඒවට වඩා කොලිටි එකේ පොඩි අඩුවක් තියෙනවා වගේ පේනවා"
ReplyDelete+++++
කබ්බො පොරවල් වෙන්ඩ දතකන රටේ ඔයා ඇත්තටමපොරක්
ReplyDeleteඅන්න පන්නල එල කොල්ලෙක් ඈ!අප්පේ ප්‍රදීප් අයියේ ඒ තරු කඳවුරු මතකේ නම් කවදාවත් අමතක කරන්න බෑ...මගෙනම් වැඩේ කොහේ හරි ඩෙස්ක් එකක් අල්ලාගෙන හොඳට බුදිය ගන්න එකනේ! ;)
ReplyDeleteමෙහෙම අයියෙක් ලැබෙන එකත් වාසනාවන් ඈ!!! :)
ජය! හ්ම්ම්..
ReplyDeleteඇත්ත ඇති සැටියෙන් කීමත් නයෙක්දැ?
ReplyDeleteනිකමට අහන්නෙ..
ඇත්තටම ආඩම්බරයි මල්ලියේ ඔයා ගැන... ජයෙන් ජය!!
ReplyDeleteඋඹ ඇත්තටම පොරක් අයියේ.. සිරාවටම අද තමයි හරියටම උඹ ගැන දැන ගත්තේ..
ReplyDeleteඋඹට හොද අනාගතයක් තියනවා..
ජයෙන් ජයම වේවා..!
තවත් දිගු ගමනකට සුභ පැතුම් ප්‍රදීප්...
ReplyDeleteමචං , මට නම් වැඩි දෙයක් කියන්න නැහැ , කියන්න තියෙන ඔක්කම මේ වචන ටිකෙන් අදහස් වෙයි ,
ReplyDeleteඋබ . මගේ . මිත්‍රයෙක් . උන එක ගැන මට ආඩම්බරයි !
තෙරුවන් සරණින් වාසනාවන්තම අනාගතයක් ප්‍රර්ථනා කරනවා !!!
පොරක් පොර ටෝක් දුන්නට කමක් නෑනේ
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :-)
ReplyDeleteජයෙන් ජය වේවා අයියේ.....!!
ReplyDeleteහිත හොඳ, අවංක මිනිස්සුන් ට කවදාවත් වරදින්නෙ නෑ....
උඹෙ හිත සුද්දයි අයියේ....
ජය....!!!
හඳුනා ගන්න ලැබීම සතුටක්... :)
ReplyDeleteදින දින සැප වේවි...ජය වේවා සබද...
ReplyDeleteබං අය්යේ උඹ ගැන මම දන්නවා නේ මමත් සෑහෙන තැන්වල කරක් ගැහුවේ. උඹත් එක්ක. පන්නල මට ආඩම්බරයි ඔහොම යං.
ReplyDeleteපන්නල එල කොල්ලෙක් ඈ!niyamaii..aththatama godak sathutui..
ReplyDeleteහැමෝටම බොහොම ස්තුතියි යාළුවනේ...!
ReplyDeleteමිනිස්සු ගැන අපි භාහිරින් හිතන දේවල් වලට වඩා කොච්චර එහා ගියපු දේවල් ඒ ජීවිත ඇතුලේ තියනවද කියල හිතෙනවා. මේ කතාව කියවගෙන යනකොට මට ප්‍රදීප් අයියා ගැන ආඩම්බරයක් ආවා මොකද එහෙම කෙනෙක් මෙහෙම හරි මුණගැහෙන්න ලැබිච්ච ඒක ගැන. මගෙන් සුභ පැතුම්. ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteමේක නයෙක් නෙමි
ReplyDeleteඋඹ මට කතාව කිව්වට මෙච්චර සවිස්තරව දන්නෙ නෑනේ... හැබැයි කියලා නැති කොටසකුත් මං දන්නවා වගේ මතකයි... :D :D "නයා" පාර දැම්මට එපා වෙන්නෙ නෑ කියවන එක... එළ ඈ..
ReplyDeleteඅපිත් ලාවට වගේ අධිකරන වෛද්‍ය විද්‍යාව ගැන ඉගෙන ගන්නවා forensic medicine වලදි! :D
ReplyDeleteසබිත්, මේ අධිකරණ වෛද්‍ය විද්‍යාවට වඩා වෙනස් ක්ෂේත්රයක්. අන්තිම වසර වලදි අංගොඩ එනකොට ඉගෙනගන්න පුළුවන් වෙයි. මෙතනදි අපි මූලිකව කටයුතු කරන්නෙ අපරාධයේ සැකකරු පිළිබදව. අධිකරණ වෛද්‍ය විද්‍යාව කටයුතු කරන්නෙ වින්දිතයා සම්බන්ධයෙන්. නමුත් මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා. ස්තුතියි කමෙන්ට් කලාට සබිත් ඇතුළු හැමෝටම...
ReplyDeleteනියමයි
ReplyDeleteහඳුනා ගන්න ලැබීම සතුටක්... :)
ඈන් මාටින් මැතිණියගේ බ්ලොග් අඩවිය තවම තිබෙනවාද?
මේක පොර ටෝක් එකක් වත් නයෙක් වත් නෙවෙයි නෙ සහෝදරයා.. ඇත්ත ප්‍රකාශ කිරීමක් විතරයි කියලා හිතනවා. සතුටුයි.. ඔබට ජය..!
ReplyDeleteඅංගොඩ ආපු එකනම් වටිනවා.. කොහේ ඉපදුනත් දැන් අපේ ගමේ කොල්ලෙක්නේ...
ReplyDeleteමේක පොර ටෝක් එකක් කියලා කොහොමටවත් කියන්න බෑ . .
ReplyDeleteස්ව්යං ආත්ම කතනයක කොටසක් . . .
හරිම සතුටුයි ඔබේ ජීවන ගමේ සාර්ථකත්වය ගැන මෙහෙම කියවන්න ලැබුනු එක . . .
ඇත්තෙන්ම බොහෝ අයට ආදර්ෂයක් විය හැකි කතාවක් මේ ලිපියේ ගැබ් වෙලා තියෙනවා . . ..
hi,
ReplyDeletemamat oyata suba patum ekatu karanawa. idiri jiwitaya sartaka wewa. e wagema yahapat aramunu ista wewa!!!!. THERUWAN SARANAY.