Posted by Pradeep Gunarathna at 12:33 AM
Read our previous post
බස් රේඩියෝ බ්ලොග් සතියට පස්සේ අද තමයි
වෙලාවක් ලැබුනේ අළුතින් මොනවා හරි ලියන්න. ලියන්න දේවල්නම් බොහොමයි. වෙලාවක් තමයි
නැත්තේ. නාඩියා හිරේ ගිය හැටි කියවලා පොරොන්දු වුන හැටියට මං හිරේ ගිය හැටි
ලියන්නත් තියෙනවා. දෙමළ කතා කරන නංගිලා මල්ලිලා පිරිසක් එක්ක ගත කරපු දවස් 10
ගැනයි, තව ගොඩක් දේවලුයි වෙලාව තියෙන විදියට ලියන්නම්.
බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල වෙනුවෙන්
පවත්වන සාකච්ඡා මාලාවට සහභාගී වුන වෙලාවේ මං කියපු විදියටත්, පොර ටෝක් එකේ කියපු
විදියටත්, ලියලා පුරුදු විදියටත් සෞඛ්‍යය ගැන කතා කරන්නයි අදත් ලෑස්ති වෙන්නේ.
සිගරට් ගැන අහලා තියෙනවද? සිගරට් වලට එක එක
වචන කියනවනේ. මගෙ යාළුවෙක් කියන්නේ "මචං, ෆැන්ටා එකක් ගහලා එන්නම්" කියලා. තව ඒ වගේ ඒවා ඇතිනෙ.
සිගරට් නැති නිසා බන්ධනාගාරෙ ඉන්න කට්ටිය බොන්නෙ ලෝකල්. ඒවා හදන හැටි වෙන වෙලාවක
කියලා දෙන්නම්. තව ඉතිං බීඩි, සුරුට්ටු වගේ දේවලුත් අයිති වෙන්නේ "දුම් වැටි"
කියන කාණ්ඩෙටම තමයි. අද ලියන්නෙ ඒ ගැන. මං සිගරට් බොන්නෙ නෑ
කියලා මේක කියවන්නෙ නැතුව ඉන්න එහෙම එපා හොඳද?
සිගරට් හදන හැටිවත්, සිගරට් වල තියෙන දේවල්
වත් නොකියා සිගරට් නිසා මොකද වෙන්නෙ කියන තැනින්ම පටන් ගන්නම්. මොකද අනිත් දේවල්
අහලා දැකලා හොඳට පුරුදුයිනේ.
සිගරට් නිසා මිනිසුන් මිය යනවද? ඔව්.
කී දෙනෙක්ද? ඒක තමයි දන්නැත්තෙ නේද? එහෙනම්
අහගන්න. සිගරට් බොන දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මිය යන්නේ සිගරට් නිසා
ඇතිවන රෝගී තත්වයකින්. ඒ කියන්නේ සිගරට් බොන අයගෙන් 50%ක් සිගරට් නිසා මිය යනවා.
මේ විදියට වසරකට මිය යන සංඛ්‍යාව ගණනය කලොත්, ඒ සංඛ්‍යාව මේ ලැයිස්තුවේ තියෙන කාරණා
නිසා මිය යන සංඛ්‍යාවේ එකතුවටත් වඩා වැඩියි.
•
Motor vehicle
accidents - මෝටර් රථ අනතුරු
•
Suicides - සිය දිවි
නසාගැනීම
•
Homicide - මනුෂ්‍ය ඝාතන
•
Tuberculosis - ක්ෂය රෝගය
•
Maternal deaths - මාතෘ මරණ
දුම් පානය
නිසා කෙනෙක් මිය යන්නේ කොහොමද?
දුම්කොළ වල
අඩංගු විවිධාකාරයේ විෂ රසායන ද්‍රව්‍ය අපේ ස්වසන මාර්ගයට ඇතුල් වුනාම ඒවා අපේ
ශරීරයට එරෙහිව ක්‍රියා කරනවා. ඒ නිසා මේ විදියේ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්.
·
හෘද රෝග
o Myocardial infarction - හෘදයාබාධ
o Stroke - ආඝාත (මොළයට
රුධිරය සැපයීම අවහිර වීම)
o Sudden death - හදිසියේ
මියයාම (හේතුවක් නැතිව)
o Peripheral vascular disease - රුධිර
වාහිනී ආශ්‍රිත රෝග
·
පිළිකා
o Lung - පෙනහළු
o Oral cavity - මුඛ කුහරය
o Oesophagus - අන්නශ්‍රෝතය
o Stomach - ආමාශය
o Pancreas - අග්න්‍යාශය
o Larynx - ස්වරාලය
o Bladder - මුත්‍රාශය
o Kidney - වකුගඩු
o Leukaemia - ලියුකේමියා
(ලේ පිළිකා)
o Liver - අක්මාව
·
පෙනහළු
o Chronic obstructive pulmonary
disease(COPD) - නිධන්ගත පෙනහළු රෝග
මේවාට අමතරව
තවත් ගැටළු ඇති වෙන්න දුම්පානය හේතු වෙන්න පුළුවන්. ඒවායින් මූලික කාරණයක් තමයි ප්‍රජනක
සෞඛ්‍යය (reproductive
health) සම්බන්ධයෙන්
ඇති වෙන ගැටළු.
·
ශරීරයේ නිපදවෙන ශුක්‍රාණු
ප්‍රමාණය අඩු වෙනවා. සුළු පටු ප්‍රමාණයකින් නෙමෙයි. 24%කින්. ඒ කියන්නෙ හරියටම ¼ ක්.
·
විකෘති වූ ශුක්‍රාණු
නිපදවෙනවා. ඒ ශුක්‍රාණු වල සඵලතාවය අඩුයි.
·
Erectile
dysfunction - එහෙමත් නැත්නම් ලිංගික අප්‍රාණිකත්වය (impotence) ඇති වෙන්නත්
මූලික හේතුවක් වෙන්නේ දුම්වැටි.
මේ ගැටළු ඇති
වෙන්නේ දුම් බොන අයට විතරද? නෑ.
දුම් බොන අය ළඟ ඉන්න දුම් නොබොන
අයටත් මේ දේවල් බලපානවා. ඒකට කියන්නේ "අක්‍රීය දුම් පානය". එහෙම වෙන්නේ, සිගරට්
දුමෙන් ¾ ක් පිට වෙන්නේ
වායුගෝලයට. මේ දුම සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩි නිසා සුළඟට ගසාගෙන යන්නෙ
නැතිව ඒ අවට පරිසරයේම රැඳි තියෙනවා. මේ නිසා දුම්
නෙබොන කෙනෙකුටත් මේ දුම ආඝ්‍රාණය වෙන්න පුළුවන්. ඒ නිසයි පොදු ස්ථාන, ආවරණය කළ
ස්ථාන, ජනතාව රැස්වෙන ස්ථාන වගේ ඒවගේ දුම් බීම තහනම් කරන්න නීති ගෙනල්ලා තියෙන්නේ.
ඒවා ක්‍රියාත්මක වෙනවද කියන එක වෙනම ගැටළුවක්.
අක්‍රීය දුම්
පානය නිසා මෙන්න මේ දේවල් වෙන්න පුළුවන්.
•
Sudden infant death syndrome - හදිසියේ ළදරුවන් මියයාම
•
Chronic cough - නිධන්ගතව පවතින කැස්ස
•
Ear infection - කණේ ආසාදන
•
Asthma - ඇදුම
ගර්භනී මවක් අක්‍රීය දුම් පානයට ගොදුරු වුනොත් කළලයට මේ
විදියට බලපාන්න පුළුවන්.
•
Low birth weight - අඩු බර දරු උපත්
•
Prematurity - නොමේරූ ළදරුවන් බිහි වීම (සති 36ට අඩු)
•
Abortions - ගබ්සා වීම
•
Still births - මළ දරු උපත්
•
Congenital abnormalities - ආබාධ සහිත දරුවන් ලැබීම
මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියන කාරණයක් තමයි එතුමා පෙනහළු රෝගයකට ගොදුරු වුනේ
එතුමා ගර්භාෂයේ ඉන්නකොට සහ ළමා කාලයේ එතුමාගේ තාත්තා බීඩි බිම නිසා කියන එක. මේ
නිසා බිරිඳ ගර්භනී අවස්ථාවේ ඉන්නකොටවත් දුම් පානයෙන් වැලකිලා ඉන්නවානම් හොඳයි.
අපි මේ වෙනකම් කතා කලේ සෞඛ්‍ය ගැටළු ගැනනේ. ආර්ථික සහ සමාජයීය ගැටළු
ගත්තොත් අපේ රටේ කරපු සමීක්ෂණයකට අනුව මධ්‍යම පාන්තික පවුලක් සිගරට් සහ අරක්කු වලට
වියදම් කරන මුදල ඒ පවුලේ ආදායමෙන් 1/3 ත් ½ ත් අතර ප්‍රමාණයක්
වෙනවා. ඒ කියන්නේ මාසෙකට රුපියල් 12000ක් හම්බ කරන පවුලක් රුපියල් 4000ත් 6000ත්
අතර මුදලක් සිගරට් සහ අරක්කු වලට වියදම් කරනවා. ඒ නිසා ඒ පවුලේ අනිත් සියළුම
කටයුතු වලට ඉතිරි වෙන්නේ ආදායමෙන් 2/3ත් ½ත් අතර මුදලක්
විතරයි. ඒ නිසා ඒ පවුල දවසින් දවස දුප්පත් වෙනවා.
නමුත් මේ කිසිම දෙයක් සිගරට් සමාගම් වලින් අපිට කියන්නෙ නෑ. ඔවුන්ට එක
වාසියක් වෙලා තියෙන්නේ සිගරට් නිසා ඇති වන රෝග වලින් මියයන අය වාර්තා වෙන්නේ ඒ
රෝගය නිසා මියගිය අය විදියට මිසක් සිගරට් නිසා මිය ගිය අය විදියට නොවීම. ඒ වගේම
සමාජයේ සිගරට් ගැන මවලා තියෙන ප්‍රතිරූපයත් ඒකට හේතු වෙලා තියෙනවා.
සිගරට් බීම නැවැත්තුවොත් කෙනෙකුට ඇතිවෙන වාසි මොනවාද?
1.
අපි කලින් කියපු
රෝග වලට ගොදුරු වීමේ අවදානම සැළකිය යුතු ලෙස අඩු වීම.
2.
තම ආදායමෙන් විශාල මුදලක් දිනපතා ඉතිරි වීම.
3.
තම පවුලේ අය අක්‍රීය දුම්
පානයට ගොදුරු නොවීම නිසා පවුලේ ලෙඩරෝග අඩු වීම.
4.
සිගරට් බොන්නන්ගේ
සංඛ්‍යාව අඩු කිරීමට දායක වීම තුලින් සිගරට් බීම විලාසිතාවක් නොවීමට හා ඒ ගැන සමාජ
මතය වෙනස් කිරීමට ඔබ දායක වීම.
5.
ඔබගේ දරුවන්
සිගරට් වලට යොමු වීමේ අවදානම අඩු වීම.
සිගරට් බීම නවත්තන්නෙ කොහොමද?
ඒක ඒ තරම් අපහසු නෑ. සිගරට් බීම නවත්තන්න සිගරට් බොන ඕනම කෙනෙකුට පුළුවන්.
අවශ්‍ය වෙන්නෙ උනන්දුව විතරයි.
·
සිගරට් බීම නවත්තන
දවස විදියට ඔබගේ ජීවිතයට වැදගත් දිනයක් යොදාගන්න. (උදාහරණයක් විදියට දරුවාගේ උපන්
දිනය)
·
තමන් සිගරට් බීම
නවත්තන බව ඔබ ඇසුරු කරන අනිත් අයට කියන්න. (බිරිඳ, පවුලේ අය)
·
සිගරට් බීම වෙනුවට
වෙනත් විකල්පයක් යොදාගන්න. ( බබල්ගම් එකක්, තේ එකක්)
·
සිගරට් වලට
දිනපතා වියදම් කරපු මුදල එකතු කරන්න. සතියකට සැරයක් ඒ මුදල බැංකුවේ තැන්පත් කරන්න.
මාසෙකට සැරයක් ගිණුමේ ශේෂය පරීක්ෂා කරලා බලන්න.
·
ඔබගේ යාළුවන්ටත්
සිගරට් බීම නවත්තන්න උපදෙස් දෙන්න.
·
හැම අවුරුද්දකම
ඔබ සිගරට් බීම නවත්තපු දිනය සමරන්න.
එතකොට ඔබට ලොකු නිදහසක් දැනෙයි. අනික දීර්ඝ කාලයක් සිගරට් බීපු කෙනෙක්
වුනත් සිගරට් බීම නවත්තලා අවුරුදු 5ක් යනකොට සිගරට් වලින් ශරීරයට ඇතුල් වුනු විෂ
රසායන ඔක්කොට ශරීරයෙන් ඉවත් වෙනවා. එතකොට ඔබ සාමාන්‍ය මිනිසෙක්.
මේ ටික සිගරට් නොබොන අයට...
සිගරට් බීමෙන් වැලකිලා ඉන්නවා වගේම සිගරට් බොන කෙනෙක් ගලවාගන්නවා කියන්නේ
ලොකු දෙයක්. ඔබට පුළුවන් වුනොත් සිගරට් බොන දෙන්නෙක් ඒකෙන් මුදවා ගන්න ඔබ ජීවිතයක්
බේරා ගත් කෙනෙක් බවට පත් වෙනවා. මොකද මම මුලින්ම කියපු කාරණය නිසා. // සිගරට්
බොන දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මිය යන්නේ සිගරට් නිසා ඇතිවන රෝගී
තත්වයකින්//
කොහොමද කෙනෙක්
සිගරට් බොන එකෙන් වලක්වා ගන්නේ..?
හරිම පහසුයි.
ඔබ සිගරට් බොන දස දෙනෙකුට (10) කිව්වොත් "සිගරට් බොන එක
නවත්තන්න" කියලා, ඒ
අයගෙන් එක්කෙනෙක් සිගරට් බීම නවත්තනවා කියලා හොයාගෙන තියෙනවා. එහෙම නැවැත්තුවේ
නැත්නම් මේ කතා කරපු දේවල් ටිකක් කියලා බලන්න. නවත්තගන්න හැටිත් කියලා දෙන්න. ඔයාගෙ
ජීවිත කාලෙදි සීයකට කිව්වොත් දෙතුන් දෙනෙක් හරි අහයි. ඒ හොඳටම ඇති.
කෙනෙක් සිගරට්
බීම නවත්තන්න කැමති වුනත් ඒක අපහසුනම් ගොඩක් වෙලාවට එයා දුම්කොළ වලට ඇබ්බැහි වෙලා
වෙන්න පුළුවන්. ඒ වෙලාවට වෛද්‍ය උපදෙස් ලබාදීම වැදගත් වෙනවා.
යන්න කලින් සුබ
ආරංචි දෙකක් තියෙනවා කියන්න. පළවෙනි කාරණය තමයි සයිබර් සිහින උළෙලට පස්සෙ සයිබර්
අවකාශයේ මිතුරෝ පවත්වන සමාජ සත්කාර වැඩසටහන මේ දවස් වල ලහිලහියේ සැළසුම් කෙරෙනවා.
විශේෂයෙන්ම බ්ලොග් අවකාශයේ සැරිසරමින් ඉඳලා අපි අතරින් වෙන්වුනු ඔබා මාමා සහ
ඉලන්දාරියා සිහිපත් කරලා රටටත්, හෙටටත් වැදගත් යමක් ඉදිරියේදී සිදු කෙරේවි. විස්තර
සයිබර් සිහින උළෙල නිල බ්ලොග් අඩවියෙන් ළඟදීම ලබාගන්න පුළුවන්.
අනිත් කාරණය
තමයි ඉදිරියේදී ඔබට මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවක් ලබා ගන්න අවස්ථාවක් ලැබේවි කියන
එක. විස්තර පස්සෙ කියන්නම්කෝ.
එහෙමනම් මම
ගිහින් එන්නම්. හැමෝටම ජය...!











බොහොම වැදගත් ලිපියක් , විශේෂයෙන්ම මින් මිදෙන්නේ කෙසේ දැයි පැහැදිලි කරදීම වඩාත් වටිනවා .
ReplyDeleteමමත් මේ ගැන පොඩි සටහනක් කළා, සමහර විට වෙනත් මීට අදාල වෙනත් කරුණූ ටිකක් ..
මෙන්න ලිංක් එක ..
http://nursinglanka.blogspot.ca/2011/09/57.html
ස්තුතියි මල්ලි
උඩින් පරිශීලනය කරන ලදි..
ReplyDeleteසිගරට් බිමෙන් කිසිදු දෙයක් අපට ලැබෙන්නේ නැත .. මද්‍යස්ථ සිතුවිල්ල නම් රජය මගින් දි ඇත. අවවාදයයි දුම්බිම පිළිකා ඇතිකරයි !
ඉතින් මෙය සිදුකරන්නේ රජයම නේද සිපිරිතාල වලට රොගින් ලෙස පිලිගන්වන්නේ රාජය සත්කාරයත් ඇතිවයි.. ඉතිං මෙය දැනගෙනත් එව විකිණිමට ඉඩ ප්‍රස්ථාව ලබා දි තිබෙන්නේ අපිමයි+රජයයි .. !
සිගරට් බොන උන් ටිකකට පැහැදිලි කරලා බලන්න ඕනේ....
ReplyDeleteඋබ මක්ක කීවත් මම සතියකට ගහන එක සිගරට් එක නවතින්නැති වේවි බං
ReplyDeleteකෝම උනත් පිචැර් ටික අජූතයි ඈ
මමත් මේ ගැන ලිව්වා ;) http://goldzone-tc.blogspot.com/2011/05/blog-post_23.html
උබට නෙමේ හැබෑ ලිව්වෙ, කලින් ඩයල් එකකට :D
කියෝලා ඇරගන්නවා නෙමේ ඕන්! කමන්ට් එකක් දැම්මොත් PM කරපන් මචං
ජය!
වැදගත් ලිපියක්.. අපි උත්සාහ කරමු අපේ අය මේකෙන් ගලව ගන්න. බොහොම ස්තුතියි දැනුවත් කලාට.
ReplyDeleteසිගරට් බොන උන්දැලටනං මට කියලා කියලම එපා වෙලා.
ReplyDeleteබොන්න බැරිනං ඕන මගුලක් කර ගනිං කියලා ගොඩක් කල් ඉදලා කටවහං ඉන්නෙ ඒකයි.
හොද පෝස්ට් එකක් බලලා හැදෙනවනං..
මමනම් කවදාවත් ඔය වහන්ගතේ කටේ තියලත් නෑ!තියන්නෙත් නෑ!මට හරිම සතුටුයි මම මගේ ළඟම යාළුවෙක්ව ඔය ජරාවෙන් අයින් කරන් තියනවා!!අනේ හැමෝම පුළුවන් තරමින් වත් එහෙම කරනවානම්......
ReplyDeleteවටිනවා හුගක් වටිනවා...ඒ වගේම කාලීනයි මේවා හුග දෙනෙකුට පෙන්වන්න ඔන....ඒක කර හෑකිනම් හුගක් වටිනවා......
ReplyDeleteබලමු බලමු මේ ගැන සිගරට් බොන කීප දෙනෙක්ට කියලා. හැබැයි මම ඇසුරු කරන හුඟක් දෙනෙක් සිගරට් බොන අය නෙමේ. මොකද මම දන්න තරමින් දැන් හුඟක් තරුණයන් සිගරට් බොන්නේ නැහැ.
ReplyDeleteඅහ්.. මේ තියෙන්නෙ පට්ට ප්‍රයෝජනවත් රසවත් පෝස්ට් එකක්.. ආඩම්බරෙන් කියන්න පුලුවන් මමත් මගේ හොඳම යාලුවෙක්ව මේකෙන් බේරගෙන තියනවා මේ වෙනකොට.. කලින් දැනගෙන හිටියෙ නැති ගොඩක් විස්තර මෙතන තිබුණා.. බොහොම ස්තූතියි අයියේ...
ReplyDeleteඉතාම වටිනා ලිපියක්.... මටනම් සිගරට් පේන්න බැහැ, මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නව සිගරට් බොන කොච්චර කිව්වත් හදන්න බැහැ, දවසට රුපියල් 400 විතර පුච්චනව, මම නම් ඔන්න ඔහේ මැරුනත් මොකො කියල නිකන් ඉන්නව, කොච්චර කිව්වත් ඔච්චරනේ
ReplyDeletewatina deyak
ReplyDeleteනියම ලිපියක් !!!
ReplyDeleteනොදන්න ගොඩක් දේවල් දැනගත්තා...
මං අහලා තියෙනවා දුමත් එක්ක එන තාර එහෙම පෙනහළු වල තැන්පත් වෙනවා කියලා.. දැන් ඔයා කියන විදියට දුම්බීම නවත්තලා ටික කාලයක් ගියාම සේරම සුද්ද වෙලා යනවද ඇත්තටම?
ReplyDeleteස්තුතියි හැමෝටම...! මේ පෝස්ට් එක දැම්මෙ බැනුම් අහන්න බලාගෙන. එහෙම වුනේ නෑ. මේ බලන්න.පෝස්ට් එක කියවලා සිගරට් බීම අත් ඇරපු කෙනෙක් මට හම්බ වුනා. ඒ සතුට කියලා නිම කරන්න බෑ.
ReplyDelete“thnx pradeep aye ayenm bonne naaaaa“
“උඹ සිගරට් බොනවද?
“yaaa adin passe naaaaaaaaaaaaaaaa“
“සිරාවටම???
“yep aiya thnx wenda oneeeee“
ඔව් අංගොඩයා. වැඩි ප්‍රමාණයක් ශරීරයෙන් අයින් වෙනවා.
මලියා- බොන නොබොන එක උඹේ වැඩක්. :)
ape minissunta meka kiyala dunnata godak pin..
ReplyDeleteමම නමි දුමි පානයෙන් තොරයි සිගරට්1 බීලා ගන්න ආතල් එක මොන වගේද කියලා පොඩි කාලේ ඉදලා මට තිබුන අවුලක් අදටත් එහෙමයි ඇයි දෙයියනේ බඩ කටවත් පිරැන නමි 1ක්
ReplyDeleteඔය කෙහෙල්මල් පුරැද්ද තරැණ සමාජය ප්‍රතික්ෂේප කරන එකම ලොකු දෙයක්
ReplyDeleteදැන් ඉන්න පරපුර නම් මේ වසංගතයෙන් ටිකක් විතර ඈත් වෙලා ඉන්නේ.. ඒ ගැන නම් සතුටුයි..
ReplyDeleteමන් නම් හිතන්නේ සිගරට් බොන අයට වඩා නොබොන අයට මේ ලිපිය වැදගත් කියලයි..
බොහොම ස්තූතියි ප්‍රදීප් අයියේ අපිව දැනුවත් කරනවට...
ලිපිය නම් ගොඩක් වැදගත් නමුත් අපේ උන්ට කියන කටවල් හොඳයි බිම උලා ගත්තනම්.... මම දහස්වතාවක් ඔවා කියලා ඇති... නමුත් අපේ උන් නෙවියි ඒක කනකට ගන්නේ..........
ReplyDeleteඉස්සෙල්ලම කියන්න ඕන මේක කෙටුවට පස්සේ බොලා මට නෙලන්නේ එහෙම නෑ,නොගැලපෙනවා නම් මකලා දාන්න ප්‍රදිප්
ReplyDeleteමම මේක කොටන්නේ කාට හරි බොන්ඩ හිතාගන ඉන්න එකෙකුට , ලගදි පටන් ගත්ත එකෙකූට ප්‍රයෝජනවත් වෙයි කියලා
මම දැක්ක විදිහට මෙතන සිකරට් බොන එකෙක්වත් කොටලා තිබ්බෙත් නැ
මට වයස 35ක් මම වයස 14 ඉදලා සිකරට් බිව්වා(තාත්තගේ සල්ලිවලින් නෙමෙයි)
ඔය වසර 20 තූල මම සමහරක් කාලවල දවසකට පැකට් දෙකක් මීළදි ගත්ත කාලයකූත් තිබුනා
දැන්නං ගොඩක් අඩුයි
කොහොම කියුවත් නවත්තන එක හරිම අමාරැයි
මම ජීවත් උන කාලය තූරාවට තිබ්බ මත් වෙන, ඇබ්බැහිවෙන සියල්ලම මම අරගන තියනවා
එව්වා නවත්තලත් තියනවා
සිකරට් නවත්තන එක තවම කරන්ඩ බැරි උනා
ආදේෂක යොදා ගැනිම තරම් අනුවන කමක් තවත් නැ
අන්තිමට ඒකටත් ඇඩික් වෙනවා
සිකරට් නවත්තපු හැමෝම නවත්තලා තියෙන්නේ ඒක පාරටම
ප්ලැන් කරලා කරන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි ඒක
සියලුම උත්තේජක , අවතේජක වලට යන මාර්ගය තමයි මේක
ලෝකයේ තියන භයානකම මත්දුව්‍යය මොකක්ද කියලා මගෙන් කව්රැ හරි ඇහුවෝතින් මම කියන්නේ සිකරට් කියලා
මල්ලියේ බොන්ඩ නං එපා,ගහලා ගොඩ යනවා බොරැ,ඇත්තටම මම දන්න මිනිස්සුන්ගෙන් බීලා නවත්තපු උන් එක අතක ඇගිලි වලටත් අඩුයි.
අදට විතරක් ,මොනරහද බලන්ඩ ,බලෙන් දුන්නට බොන්ඩ නං එපා.
අන්තිමටම මට කියන්ඩ තියෙන්නේ සිකරට් බිලා මම වගේ කාලකණ්නියෙක් වෙන්ඩ එපා
ප්‍රදීප් බලන්ඩ මේ ලිපිය සමහරක් විට ඔයා කැමති වෙයි
// බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ //
හොද ලිපියක් සහෝදරයා
ReplyDeleteඅන්තිම කියලා තියන කතාව නම් ගොඩක් වැදගත් ප්‍රදීප්..
ReplyDeleteස්තුතියි ලිපියට..