Posted by Pradeep Gunarathna at 11:58 PM
Read our previous post
සැකය බොහොමයක්
සම්බන්ධතා බිඳී යාමට බලපාන සාධකයක්. පෙම්වතා, පෙම්වතිය,
සැමියා හෝ බිරිඳ දෙස සැකයෙන් බලන සහකරුවන් ප්‍රමාණය
සාපේක්ෂව විශාලයි. ඒ වගේම සැකයේ ප්‍රමාණය සරළ සැකකිරීමක සිට මානසික රෝගයක ලක්ෂණයක්
වීම දක්වා පරාසයක පැතිර පවතිනවා. එපමණක් නොවෙයි. අඹු සැමියන් හෝ පෙම්වතුන් අතර සිදුවන
සුළු අඬදබර වල සිට මිනීමැරුම් දක්වා සැකයේ ප්‍රතිඵල
විවිධ වෙන්න පුළුවන්. ඒ නිසයි අද ප්‍රදීප්ගේ පිටුව සැකය ගැන කතා කරන්න වෙන්කරන්නේ.
මේ සිද්ධිය අහන්න
ලැබුනේ එක්තරා පුද්ගලික ආයතනයකින්. මේ ආයතනයේ සේවය කරන තරුණියකට පැයකට තුන් හතර
වතාවක් පෙම්වතා දුරඇමතුම් ලබා දෙනවා. පෙම්වතිය මොන විදියේ රාජකාරියක නිරත වෙලා
හිටියත් දුරකතනය නාද වෙන පළමු අවස්ථාවේදීම පෙම්වතාට පිලිතුරු දිය යුතුයි. ඒ වගේම ඒ
වෙලාවට පිරිමි කටහඬක් ඔහුට දුරකථනයෙන්
ඇහුනොත් ඇයට බැනුම් වර්ෂාවකට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඊට හේතුව මේ පෙම්වතා ඇයව
අධික ලෙස සැක කිරීම. මේ විදියේ විවිධ තහංචි මාලාවක් මැද්දේ ඇය අවුරුදු 7ක්ම මේ
පෙම්වතාට ආදරය කරනවා. ඇය හිතන විදියට ඔහු තරහ ගන්නේ ඇයට ඇති ආදරය නිසයි. නමුත් ඒ
ආදරය ඕනවට වැඩි බව වටපිටාවෙ ඉන්න ඕනම කෙනෙකුට වැටහෙනවා.
මෙවැනි සිද්ධි ඕනෑතරම්
ඔබ අසා දැක ඇති. යම් පුද්ගලයෙක් මෙවැනි හැසිරීම් දක්වන්නේ බොහෝ දුරට “ලිංගික ඊර්ෂ්‍යාව”(Sexual Jealousy) කියන කාරණය නිසා.
මේ ඊර්ෂ්‍යාව විවිධාකාර වෙන්න පුළුවන්. ඇතැම්විට තමන්ගේ සහකරු හෝ සහකාරියගේ
ආකර්ෂණීය බව හෝ සමාජශීලී බව නිසා ඔහු හෝ ඇය අන් අයගේ ආකර්ෂණයට ලක්වීම අයෙකුට
ලිංගික ඊර්ෂ්‍යාව ඇති විමට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමන් පිලිබඳ ඇති සෘණ ආකල්ප (මම එයාට වඩා කැතයි, මම එයා
තරම් ඉගෙනගෙන නෑ....) නිසා හෝ තමන්ට ඇය/ඔහු අහිමි වේ යැයි ඇතිවන බිය නිසා යම්කිසි
ඊර්ෂ්‍යාවක් සහකරු හෝ සහකාරිය කෙරෙහි ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, පෞර්ෂයේ
ඇති දුර්වලතා, කටකතා, සැකය පදනම් කරගත් වැරදි ආකල්ප නිසා වගේම ප්‍රබල මානසික රෝගයක
ලක්ෂණයක් විදියට ඇතිවන සැකය නිසාත් ලිංගික ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්.
ඊර්ෂ්‍යාව ඇතිවීමට
බලපාන හේතුව මොකක් වුනත් එහි අවසාන ප්‍රතිඵලය දෙදෙනාගේම හෝ එක් අයකුගේ මරණය වන්නට
පුළුවන්. ඔබ විලියම් සේක්ෂ්පියර්ගේ ඔතෙලෝ නාට්‍යය ගැන කියවා තිබේ නම් එහි කියවෙන
ලිංගික ඊර්ෂ්‍යාව පිලිබඳ කතාව
වැටහෙන්නට ඇති. ඒ පිලිබඳව ලියවුනු විචාරයක් මෙතනින් කියවන්න.
මෑතකදී එක්තරා
ස්වාමිපුරුෂයෙක් තමන්ගේ භාර්යාවට පිහියකින් කොටා තුවාල සිදුකොට තිබුනා. ඇය සති
කිහිපයක දරුවකු සිටින මවක්. හේතුව සොයාබැලීමේදී හෙලි වුනේ ප්‍රබල මානසික රෝගයක
ලක්ෂණයක් ලෙස තම භාර්යාව වෙනත් ස්වාමියකු සමග ලිංගික සම්බන්ධතා පවත්වන බවට සැකයක්
ඔහුට ඇති වී තිබිම. ඔහුට වෙනත් ස්වාමියකු තම භාර්යාව සමග ලිංගික සම්බන්ධතා පවත්වන
බව පෙනෙන භ්රාන්ති තත්වයක් (Visual Hallucination) ඇති වී
තිබුනා.
මෑතකදී අසන්නට ලැබුනු
එක්තරා සිද්ධියක තරුණ පෙම්වතුන් යුවලක පෙම්වතිය පෙම්වතා දැඩි ලෙස සැක කරනු ලබනවා.
ඔහු ආයතනයේ සේවය නිමා කරලා නිවයට යන්න ප්‍රමාද වුනොත් ඇයට සිතෙන්නේ ඔහු වෙනත්
පෙම්වතියක් සමග කාලය ගත කරනවා කියලා. ඒ වගේම ඔවුන් හමුවූ අවස්ථා වලදී ඔහුගේ
දුරකථනයේ ඇති සෑම කෙටි පණිවිඩයක්ම ඇය විසින් කියවනු ලබනවා. යම් ආකාරයකින්
කාන්තාවකගේ නමකින් save කර ඇති දුරකථන අංකයක්
හෝ කෙටි පණිවිඩයක් තිබුනහොත් ඒ පිලිබඳ පරීක්ෂා
කරනවා. ඔවුන්ගේ වසර දෙකක ප්‍රේම සම්බන්ධය පිරී පවතින්නේ සැකකිරීම් හා ගැටුම්
වලින්.
තම පෙම්වතාට/පෙම්වතියට
ගැහැණු සහ පිරිමි මිතුරන් කිසිවකු ඇසුරු කිරීම තහනම් කළ පෙම්වතියන් සහ පෙම්වතුන්
සැළකිය යුතු සංඛ්‍යාවක් පිලිබඳ මා අසා
තිබෙනවා. එක්තරා ස්වාමිපුරුෂයෙක් තම අළුත විවාපත් බිරිඳ නිවස තුල
සිටියදී දොර ජනෙල් වසා රැකියාවට යාමට පුරුදුව සිටියා. ඊට හේතුව ඇය වෙනත් අය සමග
කතා කරාවිය යන බිය.
මේ සිද්ධීන් වලින්
කියවෙන දේ දැඩි ආදරය නිසා සිදුවන දේ විදියට ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් මෙහි
අවසාන ප්‍රතිඵලය භයානක විය හැකියි. සැකය හෝ ඊර්ෂ්‍යාව වැඩි වූ විට සම්බන්ධතා බිඳ වැටීමට මෙන්ම ඔබ මරාදැමීමට
පවා ඒ ආවේගය ප්‍රබල වීමට පුළුවන්. එවැනි සිද්ධි ලොව පුරාම නිරතුරුව සිදු වෙනවා.
නමුත් හැමදාම කියනවා වගේ කලින් හඳුනාගැනීමෙන්
හා නිසි ප්‍රතිකාර කිරීමෙන් මේ තත්වය මගඅරවාගන්න පුළුවන්.
මෙවැනි තත්වයන්ගෙන්
සමහරක් ඇතිවන්නේ අනවබෝධය, අන්‍යොන්‍ය විශ්වාසය පළුදු වීම, නිසි සන්නිවේදනයක්
නොමැති වීම වැනි සරළ හේතු නිසා. එවැනි බොහොමයක් අවස්ථා වල නිසි මගපෙන්වීම් වලින් හා
පවුල් උපදේශනය වැනි ප්‍රතිකාර මගින් අන්‍යොන්‍ය විශ්වාසය වර්ධනය කිරිමටත්, සැකය
දුරු කිරීමටත් පුළුවන්.
නමුත් ඇතැම් අවස්ථා වල
ග්‍රස්ථිය (Obsessions) මෝහය(Delusions) වැනි මානසික රෝග ලක්ෂණ නිසා තමන්ට පාලනය
කරගත නොහැකි ආකාරයෙන් මේ සැකය හා ඊර්ෂ්‍යාව වර්ධනය වීමට ඉඩ තිබෙනවා. එවැනි අවස්ථා
වලදී ඇතැම් විට සැක කරනු ලබන පුද්ගලයා දැඩි ලෙස එම සැකය හා ඊර්ෂ්‍යාව තුල එල්බගෙන
සිටීමට පුළුවන්. එවිට ඔවුන්ට මනෝවිද්‍යාත්මක මෙන්ම ඖෂධ ප්‍රතිකාර ලබාදිය යුතු
වෙනවා.
ඔබේ පෙම්වතා, පෙම්වතිය,
සැමියා හෝ භාර්යාව අසාමාන්‍ය ලෙස ඔබව සැක කරනවා
නම් සහ පරීක්ෂා කරනවා නම් ඒ පිලිබඳව අවධානයෙන්
සිටීමත් වෙනස්කම් හඳුනාගත් වහාම නිසි ප්‍රතිකාර
වෙත යොමුවීමත් ඉතා වැදගත් වෙනවා.
සති දෙකක විතර කාලයක්
බ්ලොග් කියවීම සහ ලිවීම අඩපන වෙලා තිබුනා අසනීපයෙන් ඉන්න නිසා. නමුත් දැන් අවශ්‍ය
හැඩගැසීම් කරගෙන බ්ලොග් එක ලියන්න උත්සාහ කරනවා. ඒ වගේම පසුගිය සතියේ බ්ලොග්
අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන පැවැත්වුනා. ඒ ගැන විස්තර නිල බ්ලොග් අඩවියෙන්ලබාගන්න පුළුවන්. පහුගිය පෝස්ට් එකෙන් කතා කරපු ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම්
උත්සවයේ ඡායාරූප මෙතනින් බලන්න.
එහෙමනම් ගිහින්
එන්නම්. ඊළඟ ලිපිය බොහෝ දුරට භින්නෝන්මාදය ගැන ලියවේවි.
ප.ලි.
- කෙනෙක්ගේ සැකය අසාමාන්‍යයි කියලා හිතන්න නම් ඇත්තටම සැකයට භාජනය වෙන
කෙනා සැක කටයුතු සහ වැරදි හැසිරීම් වලින් වැලකී සිටීම වැදගත්. නැතුව තමන්
වැරදි හැසිරිම් හරි සම්බන්ධතා හරි පවත්වමින් පෙම්වතා/පෙම්වතියගේ සැකය
අසාමාන්‍යයයි කියන එක වැරදියි. අනිත් කාරණය තමයි මෙවැනි හැසිරීමක් තියෙන
කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වනකොට පුළුවන් තරම් ඉවසීමෙන් සහ සුහදව
සාකච්ඡා කරලා සැකය නැතිකරන්න උත්සාහ කරන එක තමයි සුදුසු. එහෙම නැතිව
දෙන්නාම ගහ මරාගන්න ගියොත් සම්බන්ධතාවය ඉක්මනින්ම බිඳ වැටේවි.




(Y)
ReplyDeleteමරු!
ReplyDeleteසියලුම දෙනා සර්ව සම්පූර්ණ නෑ කියනවනෙ අයියෝ.එහෙම බැලුවොත් අපිත් එක්විදිහක ලෙඩ්ඩු තමයි :p
ReplyDeleteබ්ලොග් ලියන්න අවශ්‍ය හැඩගැසීම් කරගැනීම සෞඛ්‍ය තත්වයට බාධාවක් නොවේවායි පතමි.....
ReplyDeleteලිපියට ගැලපෙන විදියටම පින්තූරත් දාලා.
පෝස්ට් එකනම් දැනට මට අදාල නෑ......
ලොල්ම සීන් එක තමා...
ReplyDeleteමේ බ්ලොග් එකේ කියන විදිහට මං පිස්සෙක්ම විය යුතුය...
හිකිස්..
අලේ මංදා.. මට මානසික රෝග රාශ්‍රියක් අති පිස්සෙක්..
:P :P
මේ මාතෘකාව ගැන නම් තවත් කතා කළත් අඩුවක් නොවන තරම් ..හොඳමාතෘකාවක් ...
ReplyDeleteඉක්මණින් සෞඛ්‍ය තත්ත්වය යහපත් වේවා කියල පතනව මල්ලියේ
වැදගත් පොස්ට් එකක්. අද්දැකීම් තියෙන නිසා දන්නවා.
ReplyDeleteඉක්මන් සුවය පතනවා අයියා!
ජය!
වැදගත් පෝස්ට් එකක් සහෝ.
ReplyDeleteඑයත් ඔහොම රංඩු උනා.. හුඟක් සැක කලා.. මං ඉවසව්වා. හෙතුව ගැන කල්පනා කලා.. බලද්දි උනෙ එයාගෙ ෆොන් එක හරියට වැඩ නැ.. සමහර වෙලාවට ලෙඩ දෙනවා. ගෙදරිනුත් හිර කරං.. ඉතිං මං ෆොන් එකක් අරන් දුන්නා. එදා ඉදන් නෝ වලි :D
ReplyDeleteමං නම් කියන්නෙ පිරිමි හැටියට ඉවසන එක මදි පුංචිකමක් හෝ සෙකන්ඩ් වීමක් නෙවේ
හොද ලිපියක් අයියෙ..
ස්තූතියි!!
හ්ම්.. වැදගත් ලිපියක්.ඉදිරි අනාගතේ වෙනසක් ඇති උනොත් මේ කරුණු ගොඩක් වටිනවා.
ReplyDeleteගොඩක් අය නොදන්නා සමාජයේ හැම තහනම් සිද්ද වෙන දෙයක්.හොඳ ලිපියක්.
ReplyDeleteඅම්මෝ මේක ලියාපු එක රටක් වටිනවා .
ReplyDeleteදැන් හැදෙන උන්ගෙන් භාගයකටම ඔය ලෙඩේ තියනවා
නියමයි මචන්
ReplyDeleteමේ ලෙඩේ තියන කීප දෙනෙක් මටත් හමුවී තියනවා
ප්රශ්නය ගැන ගොඩක් විස්තරාත්මකව කතා කරලා තියනවා. මගේ පුද්ගලික ඉල්ලීමක්.. මේ ප්‍රශ්නයට විසඳුම් ගැනත් ඉතා විස්තරාත්මක ලිපියක් ලියනවා නම් හොඳයි. ඇතැම් විට ප්රශ්නය බොහෝ දෙනා හඳුනනවා. එහෙත් විසඳුම ලිහා ගන්නට තේරෙන්නෙ නැහැ. ඔබෙන් පුද්ගලිකව මා ඉල්ලනවා ප්රශ්නය එලිදරව් කිරීම තරම්ම විසඳුම විස්තර කිරීමත් වැදගත් කියලා.....
ReplyDeleteමට නං මේ වගේ කතා එපා වෙනවා...
ReplyDeleteදෙන්නෙක් එකතු වෙන්නෙ සතුටින් ඉන්න
ඒ දේ ඒ දෙන්නාට සතුටක් ජනනය වෙන්නෙ නැත්තං..නිතරම සැකය නිසා දුක් ගොඩක ඉන්නවා නං අනිවාර්යෙන් වෙන් වෙන්න ඕනි...
ඒත් පෙම්වතෙක් හැරයාම පෙම්වතියක් හැරයෑම දික්කසාද වීම තරම්ම සමහරු හිතට ගන්නවා.... අපි අපේක්ෂා කරන දේවල් අපේ අනෙකා තුල ගෑවිලාවත් නෑ කියල ාපස්සෙ තේරෙනවා නං අපි ඒ මත්තෙ නැහෙන එක තේරුමක් නෑ...
අපි ප්‍රේම කරන්න ඕනි යම් කිසි වින්දනයක් සතුටක් ලබා ගන්න මිසක් මානසික රොිගියකුගේ ගොදරක් වෙන්න නෙමෙයි නේ....
ඔය වගේ මොළේ කුරුවල් වෙච්ච පෙම්වතියක් මටත් හිටියා... මම කරුණු පැහැදිලි කලාට එයා තේරුම් නොගත් නිසාම ඇගෙන් වෙන් වෙන්න මම තීරණය කොලා...
ReplyDeleteමම වැඩ කල කාර්යාලයක හිටිය ගෑණු දැරිවියකටත් ඔවැනි පෙම්වතෙක් හිටියා... ජනවාරි පළමු වැනිදාවක කිරි උතුරවලා සංග්‍රහ භුක්ති විදින කාලය අතරතුර මිනිහා දුන්න ඇමතුම් වලට උත්තර දුන්නෙ නෑ කියලා... කාර්යාලය අසල මාවතට ඇවිල්ල අර ගෑණු ළමයගෙ අතේ තිබ්බ දුරබණුව පොළොවෙ ගැහුවා කෑළි යන්න... අපිත් ඉතිං උපදෙස් දුන්නා ඔය වගේ මානසික රෝගියෙක් ජීවිතේට ළං කර ගන්න එපා කියලා... ඔහොම උන් සැට් වුන කොල්ලො /කෙල්ලො පව් ඉතිං...
වැදගත් ලිපියක්.. මම පෞද්ගලිකවම මම ගැනයි මගෙ අලයා ගැනයි අහිංසකව ආඩම්බර වෙමි..හේතුව කිලෝමීටර 246 විතර ඈතින් ඉන්නෙ.දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්..දැන්නම් මාස 1 1/2 දෙකක් විතර තාම දැක්කෙ නෑ..ඒත් කවදාවත් දෙන්නගෙන කවුරුත් ප්‍රශ්න කරන්නෙ ,කරදර කරන්නෙ, මොකද කරන්නෙ, කා එක්කද ඉන්නෙ..ඔය වගේ එව්වා අහන්නෙ නෑ.. මේ කතාවත් එක්ක බැලුවම මම මේ කල්පනා කරේ ඇස්වහක් කටවහක් නෑ කියලා අපිට..
ReplyDeleteඔව් ඔය සැකය නිසා තමන්ගේ පවුල කඩාගත්තු ු මනුස්සයෙක් අපේ බෝඩිමේ ඉන්නවා. භාහිරින් ඒ කොල්ල අපිත් එක්ක සාමාන්‍ය විදිහට ඉන්නවා. ඔන්න ඉතින් කාලයක් පෙරුම් පුරලා පුරලා යෝජනාවකින් මේ මනුස්සය බැන්දා. දෙන්නම මාතර පදිංචි උදවිය. මනුස්සය වැඩ කරන්න කොළඹ, ගෙදර යන්නේ සතියට එක දවසයි. නිතරම කෝල් කරනවා. අපිට බෝඩිමේ නිදා ගන්නත් නෑ. මහා හයියෙන් අර ගෑනු මනුස්සයට බනිනවා. බැඳලා සති දෙකයි, අතිමට මාසයක් යන්නත් කලින් ඒ කසාදෙ දෙදරලා ගියා
ReplyDeleteසක කරන්න අපිට කොයින්ද බූල් බල්ලො.. :D
ReplyDeleteහොද වෙලාවට මට ඔය ලෙඩේ නෑ...
ReplyDeleteලෙඩේ නෑ කියලා සමහර වෙලාවට බැනුං අහන්නත් වෙනවා..
“ඔයාටනං මං ගැන කිසි ගානක් නෑ“...
මේම කියන්නෙත් ලෙඩක් නිසාද මංදා..
සිරාම පෝස්ට් එකක්නේ....
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
මටනං ඔය ගැන ඉතිං ඕනේ තරම් අත්දැකීම් තියනවා..මොකෝ නාඩියා ගේ සෙට් එකේ දෙතුන් දෙනෙකුටම ඔය කේස් ඒක තියනවා!
ReplyDeleteතියන්න දෙයක් නෑ. එක්සලන්ට්. මේ බ්ලොග් එක මම කැමතිම බ්ලොග් වලින් එකක්. (Y)
ReplyDeleteවටිනා ලිපියක් මගෙ මිතුරකුගෙ මල්ලි කෙනකුටත් ඉන්නවා ඔයවගෙ බිරිඳක්, එ මල්ලිට වෙන ගැනු දිහා බැලිම තියා තමන්ගෙම නැදැ අක්කලා, නංගිලා එක්කත් කතාකරන්න තහනම්, වාහනය ඩ්‍රයිව් කරද්දි වටපිට බලන්න තහනම්, ෆුඩ් සිටි වලින් බඩු අරගන්න තහනම් ( ෆුඩ් සිටිවල කැෂියර් එකේ ඉන්නේ ගැනුලමයිනේ) එ මල්ලි දැන් ජිවිතේ ගෙවන්නේ අපායේ ඉන්නව වගෙ...
ReplyDeleteමම කියවලා තියෙන විදිහට හැදුනොත් නම් ඉවරයි ඒ තරම් භයානකයි ඔය ලෙඩේ දෙන්නටම
ReplyDeleteade sinhala na , mata nam aulak na a kiyanne , matath ledak na , kellatath leadak na , athi yantham :D
ReplyDelete100% එකගයි...
ReplyDeleteඅනේ මට නම් ඒ වගේ වදක භාර කොල්ලෙක් ලැබෙන්න එපා කියලා මන් වෙනුවෙන් ප්‍රාර්තනා කරන්න.
ReplyDeleteහොද post 1k.
(Y)
ReplyDeleteබොහොම හොද වැදගත් ලිපියක් අයියා !! සමහර love affair දැක්කම හිනා යනවා..එකිනෙකා ව සැක කරගන්න හැටියට..හිතෙනවා..මොන එහෙකට ද ලව් කරන්නේ කියලා..මොකද මොකෙක් උනත් පෙම්පවතිය හෝ පෙම්වතා හැටියට තෝරගන්නේ තමන්ට විස්වාසය තියන්න හැකි පුද්ගලයෙක් එක්කයි ! එහෙව් එකේ අවිස්වාස නං මොකටද ලව් කරන්නේ ! :D විස්වාසයක් නැති ලවක් මොකටද ? හොද ලිපියක් ! ප.ලි සටහන එක්කත් මං එකගයි !!
ReplyDeleteනියම වැඩක් ඔහොම යන් ඔහොම යන්
ReplyDeleteඔය අත්දැකීම තියන සෑහෙන දෙනෙක්ව දන්නවා ඇත්තටම දුකයි උන් ගැන
ReplyDelete