Posted by Pradeep Gunarathna at 11:10 PM
Read our previous post
විවිධ පුද්ගලයන්ගේ පෞරුෂයන්
ගැන අපි කතා කරනවා. දේශපාලන නායකයන්, විද්වතුන් වගේ අයගේ පෞරුෂයන් සතු ලක්ෂණ ගැන
විවිධ සාකච්ඡා මතු වෙනවා. ඒ වගේම හතු පිපෙනවා වගේ පෞරුෂ සංවර්ධන පාඨමාලා රට පුරාම
පැවැත්වෙනවා. නමුත්, පෞරුෂය කියන්නේ මොකක්ද? අපි මොනවද ඒ ගැන දන්නේ?
පෞරුෂය කියන වචනයෙන් හඳුන්වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින යම් යම්
අවස්ථා වලදී පුද්ගලයෙක් හැසිරෙන ආකාරයන්ගේ එකතුවට. මේ හැසිරීම් සාමාන්‍යයෙන් වෙනස්
වෙන්නේ නෑ. උදාහරණයක් විදියට කෙනෙක් හැමවෙලාවකට හැම දෙයක්ම පිලිවෙලට කරනවානම් ඒ
ඔහුගේ/ඇයගේ පෞරුෂ ලක්ෂණයක්. ඒ හැසිරීම සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නෑ.
එක පුද්ගලයෙකුගේ
පෞරුෂය එකම විදියට දීර්ඝ කාලයක් තිබුනට පෞරුෂය එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට
වෙනස් වෙනවා. එක් පුද්ගලයෙකුගේ පෞරුෂය හිමිවෙන්නේ ඒ පුද්ගලයට විතරයි. (Unique). නමුත් මේ පෞරුෂයන්ගේ පොදු ලක්ෂණ තියෙනවා. (Personality traits) ඒ අනුව පෞරුෂයන් වර්ග කරන්න පුළුවන්.
පෞරුෂයන්ගේ සමහර ලක්ෂණ
තියෙනවා පහසුවෙන් වර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම සමහර ලක්ෂණ නැති කරන්න අමාරුයි. කෙනෙකුගේ
පෞරුෂය ගොඩනැගෙන්නේ ළමා කාලයේ ඉදලා. ළමා කාලයේ ලබන අත්දැකීම්, විවිධ මතකයන්, ආදරය,
ඔවුන්ගේ පරිසරය, අධ්‍යාපනය මේ හැම දෙයක්ම පෞරුෂයට බලපානවා. ටිකෙන් ටික මේ හැම
දෙයක්ම එකතු කරගෙන හැදෙන පෞරුෂය යොවුන් වියට එළඹෙද්දි සම්පූර්ණයෙන්ම ගොඩනැගෙනවා.
සාමාන්‍යයෙන් කෙනෙකුගේ
පෞරුෂය වෙනස් නොවුනට සමහර අවස්ථා වලදි ඒ දක්වා කෙනෙක්ගේ තිබුනු පෞරුෂ ලක්ෂණ වෙනස්
වෙන්න පුළුවන්. ඒ අවස්ථා තමයි,
- මොළයට සිදුවෙන හානියක් හෝ මොළය ආශ්‍රිත රෝගයක් නිසා
- ප්‍රබල මානසික රෝගයක දීර්ඝ කාලයක් පවතින රෝගලක්ෂණ (Residual effects) නිසා
- දරාගත නොහැකි ආතතිකාරී අවස්ථාවකට මුහුණ දීම (සුනාමි රළ පහරට හසුවී මිය යමින් සිටියදී දිවි බේරාගැනීම වැනි) නිසා
ළමා කාලයේ ඉඳලා පවතින එහෙමත් නැත්නම් මේ වගේ සිද්ධියක්
නිසා ඇති වුනු පෞරුෂ ලක්ෂණයක් පුද්ගලයාට හරි සමාජයට හරි හානිදායක නම් ඒ පෞරුෂය අපි
හඳුන්වන්නේ අක්‍රමතා සහිත පෞරුෂයක් කියලා.
පෞරුෂ අක්‍රමතා (Personality Disorders) වලින් පෙළෙන
අය සාමාන්‍යයෙන් හැසිරෙන්නේ අනිත් අය සාමාන්‍යයෙන් හැසිරෙන විදියට නෙමෙයි. මෙවැනි
අක්‍රමතා පවතින අය හඳුනාගන්න එක විදියක්
තමයි එයාලාගේ හැසිරීම මේ විදියද කියලා නිරීක්ෂණය කිරීම.
- විවිධ සමාජ සංසිද්ධි (ආතතිකාරී අවස්ථා වැනි) වලදී සාමාන්‍යයෙන් මිනිසුන් හැසිරෙන ආකාරයට වඩා වෙනස් ආකාරයට හැසිරීම.
- තමන්ට හෝ අනිත් අයට හානිකර හැසිරීම් වල නිරත වීම.
මෙවැනි හැසිරීම් දක්වන
හැම කෙනෙක්ම පෞරුෂ ආබාධ සහිත අය විදියට හඳුන්වන්න
අමාරුයි. මොකද පෞරුෂ ආබාධ වෙනස් මානසික ආබාධ වලින් වෙන්කර හඳුනාගන්න විශේෂඥ දැනුමක් අවශ්‍ය නිසා. නමුත් පහත
දැක්වෙන විදියේ ලක්ෂණ පෙන්වන අය ඉන්නවානම් ඒ බොහෝදුරට පෞරුෂ අක්‍රමතා තියෙන අය
වෙන්න පුළුවන්.
- හැමවිටම දුක්මුසු ස්වාභාවයකින් සිටීම.
- දැඩි, කලබල සහිත ස්වභාවය
- ආත්ම විශ්වාසය අඩු වීම
- අසාමාන්‍ය ලෙස සංවේදී බව
- සැකකරන සුලු, ඊර්ෂ්‍යාකාරී බව
- කිසිවක් විශ්වාස නොකරන බව
- නොරුස්සන ස්වභාවය
- ආවේගශීලී බව
- සෑම විටම අන් අයගේ අවධානය අපේක්ෂා කරන සුලු බව
- සෑමවිටම අන් අය මත යැපීම
- කළහකාරී බව
- සෑමවිටම කෝපයෙන් සිටීම
- අන් අය ගණන් නොගන්නා බව
මේ හැම ලක්ෂණයක්ම
දීර්ඝ කාලයක් තිස්සේ, එම පුද්ගලයාගේ සාමාන්‍ය හැසිරීමේ කොටසක් විදියට පෙන්නුම් කරනවා
නම් තමයි පෞරුෂ ආබාධයක ලක්ෂණ විදියට ගණන් ගැනෙන්නේ. මේ හැසිරීම් ටිකෙන් ටික තමයි
වර්ධනය වෙන්නේ. මෙවැනි ලක්ෂණ හඳුන්වන්නේ personality traits කියලා. මේ ලක්ෂණ
වලින් බොහොමයක් වර්තමාන නාගරික යොවුන් පරපුර (විශේෂයෙන් 12 – 25 අතර) දැකගන්න
පුළුවන්.
මේ පෞරුෂ ලක්ෂණ ඇති
වෙන්නේ ළමා කාලයේදි නිසා බොහෝ දුරට ළමා කාලයේ මුහුණ දෙන ගැටළු මෙවැනි පෞරුෂයන් ඇති
වෙන්න හේතු වෙනවා වෙන්නට පුළුවන්. ඒ වගේම අපට පෙනී ගිය කාරණයක් තමයි රූපවාහිනී
මාධ්‍යය දරුවන්ගේ පෞරුෂයට යම්කිසි බලපෑමක් එල්ල කරනවා කියන කාරණය. විශේෂයෙන්ම ටෙලි
නාට්‍ය වල පෙන්වන සමාජ විරෝධි දර්ශන දරුවන්ගේ මනසට සහ සංවර්ධනය වන පෞරුෂයට බලපෑමක්
එල්ල කරනවා.
ඒ වගේම තමයි සංකීර්ණ
පවුල් පරිසරය. න්‍යෂ්ටික පවුල් සම්ප්‍රදාය තුල මව සහ පියා රැකියාවට යන අතර දරුවන්
ටියුෂන් අතර අතරමං වන ස්වභාවයත් මෙවැනි පෞරුෂ ලක්ෂණ ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. අතීතයේදී
පවුල තුලින් දරුවන්ට ලැබුනු සාහිත්‍ය කලා දායාදයන් (කතන්දර, කවි ආදිය) යහපත්
පෞරුෂ ලක්ෂණ පිලිබඳව දරුවන්ට විශාල
අවබෝධයක් ලබාදුන්නා. නමුත් අද ඒ ආදානයන් ඒ දරුවන්ට ලැබෙන්නේ නෑ.
ආගම සහ සංස්කෘතියෙන්
දරුවන් ඈත් වීමත් මෙවැනි වෙනස් ආකාරයේ පෞරුෂයන් ඇතිවෙන්න හේතු වෙන්න පුළුවන් තවත්
කාරණයක්. ආගම සහ සංස්කෘතිය දරුවන්ට යහපත් පෞරුෂයක් ඇති කිරීමට විශාල දායකත්වයක්
දක්වනවා. ඒ නිසා කුඩා දරුවන්ට ආගමික අත්දැකීම් ලබා දීම අනාගතය සඳහා කරන විශාල ආයෝජනයක් වෙනවා.
කොහොමවුනත්, මේ විදියේ
තමන්ටත් අන් අයටත් හානිකර පෞරුෂ ලක්ෂණ ඇතිවීම නිසා පුද්ගලයාගේ අධ්‍යාපනය, වෘත්තිය
වගේ දේවල් පමණක් නෙමෙයි පවුල් ජීවිතයට පවා බාධා ඇති වෙන්න පුළුවන්. ලෝකයේ සෑම රටකම
වගේ සිරගත වූවන්ගෙන් බහුතරයක් පෞරුෂ ආබාධ සහිත අය. ඒ නිසා තමන්ගේ පෞරුෂයෙහි පවතින
අක්‍රමතා හඳුනාගැනීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම
යොවුන් ඔබ ඔබ තුල ඇති වන පෞරුෂ වෙනස්කම් හඳුනාගන්න.ඒ
ලක්ෂණ වෙනස් කරගන්න සායනික මනෝවිද්‍යාඥයෙක්, මනෝවෛද්‍යවරයෙක් හෝ මනෝවිද්‍යා
උපදේශකවරයෙක් හමුවීමට අවශ්‍ය විය හැකියි. තවත් විස්තර මෙතනින්.
ඒ විතරක් නෙමෙයි ඔබේ
දරුවාට යහපත් පෞරුෂයක් ගොඩනඟාගන්න අවශ්‍ය
පරිසරය හදලා දෙන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම අපේක්ෂිත දරුවෙක් පමණක් බිහිකරන්න. අවශ්‍ය
ආදරය සහ රැකවරණය ලබා දෙන්න. එය ඔබ ඔබේ දරුවාගේ අනාගතයට කරන මහඟු ආයෝජනයක් වේවි. දරුවන්ගේ මානසික සෞඛ්‍යය ගැන විස්තර මෙතනින් ගන්න පුළුවන්.
කරුණු රාශියක් එක
පෝස්ට් එකකින් කියන්න උත්සාහ කලා. සාර්ථකද දන්නෙ නෑ. පෞරුෂය ගැන තව විස්තර මෙතනින් බලන්න පුළුවන්. වටිනා යමක් තියෙනවා නම්
ජීවිතයට එකතු කරගන්න. එහෙනම් ගිහින් එන්නම්.
ප.ලි - ඉන්ද්‍රනාථ තේනුවර සර් නිවැරදි කිරීමක් කරලා තිබුනා නිවැරදි වචනය "පෞර්ෂය" නෙමෙයි "පෞරුෂය" කියලා.
දැන් ඒක නිවැරදි කලා. භාෂාව නිවැරදිව භාවිතා කරන්න ප්‍රදීප්ගේ පිටුව සෑම
විටම උත්සාහ කරනවා. නමුත් මෙවැනි වැරදි පෙන්වලා දීලා අපව දැනුවත් කිරීම
පිලිබඳව එතුමාට ස්තුතිවන්ත වෙනවා.







වටිනා යමක් නෙවෙයි ගොඩක් තිබුණා.. උදව්වක් ඕනි මට නම්
ReplyDelete*දැඩි, කලබල සහිත ස්වභාවය
*අසාමාන්‍ය ලෙස සංවේදී බව
මේවා සාමාන්‍යෙයන් තියනවා මට... ඔන්න ඕකට ප්‍රතිකාරයක් කියන්න පුළූවන්නමි ඇත්තටම වටිනවා.. තරහා යනවත් වැඩී..හිතලා කරන දෙයක් නෙවේ වුනත් මම ඒකට අකමැති..ස්තූතියි
ජය!!
නියම පෝස්ට් එකක් ප්‍රදීප් අයියේ...
ReplyDeleteජයවේවා!!!!!!!!!!!
අනිත් එක තමා වැඩිපුර සැහැල්ලුවෙං ඉන්න එකත් රෝගයක්ද???????
ReplyDeleteඅපේ අම්මා නිතරම කියනවා තොටනං පිස්සු කියලා..
ගොඩාක් වටිනා පොස්ට් එකක්.. සමහර දේවල් ගැන ඉතින් අය්යාම දන්නවනේ... වෙලාවකට මටත් ගොඩාක් තරහ යනවනේ... දැන් නම් ටිකක් හදිසියෙන් කියවුවේ.... ආයේ එන්නම්කෝ...
ReplyDelete// සංකීර්ණ පවුල් පරිසරය. න්‍යෂ්ටික පවුල් සම්ප්‍රදාය තුල මව සහ පියා රැකියාවට යන අතර දරුවන් ටියුෂන් අතර අතරමං වන ස්වභාවයත් මෙවැනි පෞර්ෂ ලක්ෂණ ඇතිවීමට හේතු වෙන්න පුළුවන්.//
ReplyDeleteඇත්ත කතාවක්! ඒත් මොකෝ අද අම්මලා තාත්තලා මේ ගැන හිතන්නෙවත් නැත්තේ?
බොහොම වටින ලිපියක් මෙන්න හැදෙනවනං මසුරං අදහස් ටිකක්.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
විටිනා ලිපියක්. ස්තුතියි
ReplyDeleteමරු පෝස්ට් එකකි. මගෙත් මං දන්නා පෞරුෂ විශමතාවක් ඇත
ReplyDeleteආවේගශීලි බව කියන එක
කිසිවක් විශ්වාස නොකරන බව(මිනිස්සුන්ව), අන් අය ගනන් නොගන්නා බව කියන දෙක නම් මටත් තියෙනව...
ReplyDeleteවටින පෝස්ට් එකක්...
මගෙත් පෞරුෂ පොඩි අවුල් ටිකක් තියනවා වගේ..
ReplyDeleteමේ මොනවා කියෙව්වත්...මොනවා ඉගෙන ගත්තත්... කට්ටිය සෙට් උනහම පිස්සුවක් කෙලින එක කොහොමවත් පාලනය කර ගන්න නම් බෑ මල්ලි !
ReplyDeleteමම විසින් මේ මාතෘකාවෙන් මාව මැනීමට නම් යන්නේ නැහැ . මොකද ඕනෙම කෙනෙක් තමා ගැන හරියට මනින්නේ නැති නිසා .
ReplyDeleteඒ නිසා මගේ අවට ඉන්න අයට බාරයි මගේ පෞරෂය මැනීම :)
වටිනා තොරතුරු ටිකක් කියෙව්වා... මෙහෙම තොරුතුරු අපිට ලබාදෙන එකම බ්ලොගිය ඔබේ එකද මන්දා.... සුභ පැතුම් !
ReplyDeleteපුද්ගලිකව මට වැදගත් වෙන පොස්ට් එකක්...
ReplyDeleteසිරා පොස්ට් එකක අය්යෙ ..
ReplyDeleteGodak vadagath post 1k. Aiyata hoda gamanak yanna labewa kiyala subapathanawa....
ReplyDeleteරූපවාහිනිය, පරිගණකය, දෙමවුපිය ආදරය රැකවරණය නොමැති වීම, සාහිත්‍ය කලා දායාදයන් අහිමි වීම, අපයෝජනයන්ට ලක් වීම වගේ ගොඩක් දේවල් පෞරුශය කෙරෙහි බලපානවා. ඉස්සර අයට සාපේක්ෂව අපි මෙච්චර දුර්වලනම් අපිට සාපේක්ෂව......
ReplyDeleteවටිනා තොරතුරු ගොන්නක් .. ජය
ReplyDeleteහම්බවෙච්ච වෙලාවක උඹට දැනෙන මගේ පෞරුෂය පැහැදිලි කරපන්කො.
ReplyDeleteමෙවට තමා සුපිරියි කියනුයේ.. !
ReplyDeleteමිනිස්සු කියන්ෙන ළමාකාලෙෙය්ත් ඔවුන් ලබපු අධ්‍යාපනෙය්ත් අවුට් පුට් ඒකක්...විභාග හඹායන ෙම් සමාජෙය තුල අවුට්පුට් ඒක ෙබාෙහා්විට හින ෙපෟරුෂෙයන් යුතු අෙයක් ෙවනවා කියලා මට හිෙතනවා....
ReplyDeleteපදීප්ට පුලුවන් ෙවලාවක සාමාන්‍ය කැම්පස් ඒකක ඉන්න ළමයි අරං බලන්න...සබාවක කතාකරන්න..සිංදුවක් කියන්න..
කමියුනිෙක්ෂන් ඉස්කිල්ස් වල ෙබ්සික්ම ෙද්වල් නැති අය ෙගාඩක් ෙහායාගන්න පුලුවන්...
අෙප් අධ්‍යාපනය තුල ළමුන්ෙග් සමාජිය සන්නිෙව්දන කුශලතාවයන් වැඩිදියුනු වන්ෙන අඩුෙවන්....ඒ් නිසා ඒ් අය බහුතරයක්ම ෙපෟරුෂ අාබාධ සහිතව අැති කියලා මට හිෙතනවා...
මාරයියාගේ බ්ලොග් එකේ අඬලා තියෙනවා දැකපු නිසා මේ පැත්තේ ආවේ.... කොහොමද බොල මට මේක මිස් උනේ...... හි හි
ReplyDeleteඅඩේ මාරම වටින ලිපියක්. . . . ලියන්නත් සෑහෙන්න මහන්සි වෙලා තියෙන හැඩයි . . බොහෝම ස්තූතියි මල්ලී
ReplyDeleteaiyaa,matath mee 2ta beethak kiyanawada?
ReplyDelete1.අසාමාන්‍ය ලෙස සංවේදී බව
2.ආවේගශීලී බව